මානව විද්‍යාව යන්න ප්‍රාචීනවාදී සහ ප්‍රතිචීනවාදී ඉගෙනුම් සංකල්පයන් තුළ භේදයකින් තොරව හඳුනාගත හැකි සංකල්පයකි. මානව විද්‍යාව යනු, මානව සමූහයාගේ සම්භවය, පැවැත්ම හා සමූහයන්ට බෙදී යාම වෙනුවෙන් පවත්වන ලද පර්යේෂණ පදනම් කර ගෙන නිර්මාණය වූ විෂය ධාරාවකි. සැබැවින්ම මානව විද්‍යාව යනු දැනුම් ක්ෂේත්‍රයකි. " දැනුම " යන සංකල්පය මානවයා විසින් ගොඩ නගන ලද විශිෂ්ටතම වූ සමාජ ප්‍රපංචයකි.
දැනුම හා තොරතුරු අතර පවතිනුයේ අවියෝජනීය සම්බන්ධතාවයකි. බර්ට්‍රන්ඩ් රසල් නම් වූ දාර්ශනිකයා දැනුම සහ තොරතුරු අතර පවතින සම්බන්ධතාව පිළිබඳව පර්යේෂණ කරන ලදී. ඔහුගේ දාර්ශනික විග්‍රහයට අනුව,
01. තොරතුරුවල සැගවුණු ඥාානය කොහේද?
02. ඥාානය සැගවුණු තොරතුරු කොහේද?
මෙම දාර්ශනික චින්තනය පාදක කර ගෙන දැනුම් ක්ෂේත්‍රය යන්න ක්‍රමයෙන් සාමාජීය භාවිතයට පැම්ණෙන ලදී. දැනුම සොයා යෑම යන්න ආගමික ශික්ෂණයකින් සිදු කළ වූවක් විය. එමෙන්ම පෙරදිග හා අපරදිග රටවල ආගමික ශාස්තෘවරුන්ගේ දේශන තුළද අන්තර්ගත විය.
දැනුම් ක්ෂේත්‍රය යන්න ගතික වේ. එය දිනෙන් දින වර්ධනය කර ගත යුතු සංකල්පයකි. සමාජීය පරිණාමයේ විවිධ අවස්ථාවන් වල ඥාන ගවේෂණය ආකාර දෙකකට සිදුවෙන ලදී.
01. න්‍යායික දැනුම
02. ව්‍යවහාරික දැනුම
ව්‍යවහාරික මානව විද්‍යාඥයන් සන්නිවේදනය යන්න වෙනුවට විඥාපනය යන්න භාවිතයට ගැනීමට උත්සුක වූහ. ඔවුුුුුුුුුුුන්ගේ දැක්මට අනුව විඥාපනය යන්නෙහි අර්ථය "ඥාානය " හෙවත් දැනුම ලබා ගැනීම යන්නයි.
ග්‍රීක දර්ශනයේ පදනම වනුයේ ද දැනුම සොයා යෑම යන්නයි. තොරතුරු එක් රැස් කර ගත් පමණින්ම දැනුම ලබා ගත හැකිද? එසේත් නැත්නම් දැනුම ලබා ගැනීම සඳහා තොරතුරු ගවේෂණය කළ යුතු නොවෙයිද?
මානව විද්‍යාවේ ප්‍රභේදයන් දෙක වන භෞතික මානව විද්‍යාවත් , සංස්කෘතික මානව විද්‍යාවත් එකට බැඳ තබනුයේ සන්නිවේදනයයි. මෙම ප්‍රධාන විෂය ධාරාවන් දෙකම සන්නිවේදන අධ්‍යයනයේ දාර්ශනික පසුබිම නිර්මාණය කරයි. මෙම ප්‍රධාන විෂයයන් දෙක අධ්‍යයනය කිරීමෙන් සන්නිවේදනයේ මූලිකාංග හඳුනාගත හැකිය. එනම්,
සන්නිවේදකයා ->සංදේශය -> ග්‍රාහකයා
(Sender) (Message) (Receiver)
මෙම සන්නිවේදන ආකෘතිය තුළ විද්‍යාත්මක පදනමක් දැකිය හැක. මේ අනුව තොරතුරු සම්පාදනය ට වඩා ඥාන ගවේෂණය එම සීමාව ඉක්මවා පැවති අවබෝයක් ලෙස විග්‍රහ කළ හැක.
තොරතුරු සෙවීම ප්‍රාථමික මානවයාට පමණක් සීමා නොවූවකි. සෙසු සත්ත්වයන් ද තොරතුරු සෙවීම සිදු කරන ලදී. නමුත් මානවයා සෙසු සත්ත්වයන්ට වඩා උසස් දැනුමක් ලද හෙයින්, මානවයාගේ නිරීක්ෂණය ප්‍රබල හෙයින් එයින් ලබන පරිකල්පනය පාදක කර ගෙන නිර්මාණයන් සිදු කරන ලදී. මෙය සත්ත්ව පරිණාමය තුළ මානවයා ඉහළම තත්ත්වයකට පැමිණීමට හේතු සාධක විය. මෙම සාධක පදනම් කර ගෙන තොරතුරු ගවේෂණය මානවයාගේ අසීමිත කාර්යයක් බවට පත් විය.
මෙයින් ගම්‍ය වනුයේ සන්නිවේදන අධ්‍යයනයේ දාර්ශනික පසුබිම ගොඩ නැගීමට උපකාරී වනුයේ ව්‍යවහාරික මානව විද්‍යාව බවයි.
- ඉන්දික දිසානායක -
No comments:
Post a Comment