සන්නිවේදන අධ්‍යයනය දාර්ශනික පසුබිමකින් යුක්ත විෂයකි. එම විෂය අධ්‍යයනයේදී අපට හමු වන සංකල්ප දෙකක් ලෙස,
01. ප්‍රාචීනවාදී සන්නිවේදන සංකල්පය
02. ප්‍රතිචීනවාදී සන්නිවේදන සංකල්පය
හැදින්විය හැක. සන්නිවේදන අධ්‍යයන විෂය තුළ මෙම සංකල්ප දෙක එකට එකතු වී සහ නොවී ක්‍රියාත්මක වන අවස්ථා හඳුනාගත හැක. ප්‍රාචීනවාදී සන්නිවේදන ඉගෙනුම් වලට අනුව සෑම විටම අදහස් කරනුයේ සමාජයේ සිටින පුද්ගලයාගේ හැසිරීම ධනාත්මක කිරීමයි. මෙහිදී සෑම විටම පුද්ගලයාගේ අධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරනු ලබයි. පුද්ගලයාගේ අධ්‍යාත්මය වඩාත් හොඳ වීමට නම්, ඔහු සමාජය තුළ පිළිබිඹු කරන චර්යාවන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. ප්‍රාචීනවාදී සංකල්පය තුළ ප්‍රබලතම මූලාශ්‍රය ගුරුවරයාය. එම නිසා ගුරුවරයාගේ ඇසුර ලබමින් පුද්ගලයා දැනුම ලබා ගනී. ඒ ඔස්සේ තම චර්යාවන් නිර්මාණය කර ගනී.
උදාහරණ - දිසාපාමොක් ඇදුරිදු භාවිතා කරන ලද සන්නිවේදන ආකෘතිය.
මෙහිදී දිසාපාමොක් දැනුමෙන් පරිපූර්ණ වූ අතර සෑම විටම උත්තම විය. මේ ඔස්සේ ශිල්පය ලබන සිසු පරපුර විනයකින් යුක්ත ග්‍රාහකයන් විය. දිසාපාමොක් ශිල්පය ලබා දෙන ස්ථානය තක්සලාව නම් විය. ග්‍රීසිය නම් රාජ්‍යයේ මෙවැනි ස්ථාන තිබූ බවට සාක්ෂි ඇත. ඒවා Academy හෝ Lyceum යනුවෙන් හදුන්වන ලදී.
ප්‍රතිචීනවාදී සන්නිවේදන ඉගෙනුම්වල දැක්ම වනුයේ " ඥාණයට දර්ශනයක්" යන්නයි. මෙහිදී ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ලද්දේ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඔහු විසින් පරම්පරාවෙන් පරම්පරාවට ඥාණය ගලා යන ආකාරය දාර්ශනිකව විග්‍රහ කරන ලදී. ඒ සඳහා ඔහු විසින් සන්නිවේදන ආකෘතියක් නිර්මාණය කරන ලදීී. ඇරිස්ටෝටල්ට අනුව සන්නිවේදනයේදී ග්‍රාහකයාගේ භූමිකාව සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගොස් අවබෝධයකින් යුක්ත ග්‍රාහකයෙක් වීමට ශ්‍රවණය ප්‍රගුණ කළ යුතුය. ඒ අනුව ගුරුවරයා සහ ශිෂ්‍යයා තුළින් සන්නිවේදන ග්‍රාහක පරපුරක් නිර්මාණය කරන බවයි. ඇරිස්ටෝටල්ට සමගාමීව සොක්‍රටීස් සහ ප්ලේටෝ ද මෙම මතය දරන ලදී. ප්ලේටෝ ගේ සටහන් නම් කරනු ලබන්නේ " සංවාද" සහ " කතිකා" යන නමිනි.
බුද්ධ කාලීන භාරතයේද " සංවාදය" සන්නිවේදන ක්‍රමවේදයක් විය. ග්‍රීක දර්ශනයේ මෙන්ම භාරත දර්ශනය තුළද සංවාදය විවිධ ඉගෙනුම් කාර්යයන් සඳහා භාවිතා කරන ලදී.
සන්නිවේදන අධ්‍යයනයේ ඉගෙනුම් සංකල්පය භාරතීය සහ ග්‍රීක දර්ශනයන්ගෙන් පෝෂණය වී ඇති බව ඉහත කරුණු අනුව ගම්‍ය වේ.
- ඉන්දික දිසානායක -
No comments:
Post a Comment