සන්නිවේදන අධ්‍යයනය නම් වූ විෂය ක්ෂේත්රය නිර්මාණය වනුයේ සමාජ විද්‍යාව නම් වූ විෂය විධිමත් ලෙස බිහි වීමත් සමග ය. සමාජ විද්‍යාවේ ශාඛාවන් සන්නිවේදන අධ්‍යයනයේ හැරවුම් ලක්ෂයන් බවට පත් වූයේ මානව සන්නිවේදනයේ වර්ධනයත් සමඟ ය. සන්නිවේදන අධ්‍යයනයේදී අපට හමු වන සාම්ප්‍රදායික සන්නිවේදනය සහ සමාජය යන්න වඩාත් හොඳින් විශ්ලේෂණය කර ගැනීමට හැකි වන්නේ සමාජ විද්‍යාවේ සන්නිවේදනය වර්ධනයත් සමඟ ය.
"ප්‍රකෘතිය" යන පාරිභාෂික වචනය සමාජ විද්‍යාවේදී මුලින් ම හමු විය. ඇත්තටම ප්‍රකෘතිය කියන්නේ මොකක්ද? ප්‍රකෘතිය යනු ස්වභාව ධර්මයයි. මිනිසාගේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට අපට කවදා පුළුවන් වෙයිද? සැබෑ මිනිසා යන්න වර්තමානයේදී කල්පිතයකි. සැබෑ මිනිසාගේ ස්වභාවය හඳුනා ගත හැකි වනුයේ මානව ශිෂ්ටාචාරයේ උත්පත්තිය සිදුවූ මොහොතේදීය. මහාචාර්ය විල්බර් ශ්රාම් පවසන ආකාරයට " පොළව මත ගෙවුණු දිගු ඉතිහාසය එක් දිනක් ලෙස කල්පනා කළ හොත් සන්නිවේදනය ඇති වූයේ ඊයේ මැදියම් රැයට නිමේෂයකට පෙරදීය. " සන්නිවේදනයේ ඉතිහාසය එසේ වෙද්දී ප්‍රකෘති මිනිසා දක්නට ලැබෙනුයේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟ ය. ප්‍රකෘති මිනිසා සිය අන්තර්කරණය ආරම්භ කළේ ස්වාභාව ධර්මයත් සමඟ ය. ඒ සඳහා ඔවුන් යොදා ගනු ලැබුවේ සන්නිවේදනයයි. ප්රකෘතියේ වෙනස ඉදිරියට ගෙන යන ලද්දේ සන්නිවේදනයයි. මානව ශිෂ්ටාචාරය තුළ ප්‍රකෘති මිනිසා දැකිය හැකි වනුයේ ගෝත්‍රික සමාජ වලටත් පෙරදීය. ඇතැම් විද්වත් අදහස් වලට අනුව ශ්‍රී ලංකාවේ වැදි සමාජය ප්‍රකෘති සමාජයකි. නමුත් එය ප්‍රකෘති සමාජමය ලක්ෂණ වලින් පරිපූර්ණ යැයි නිගමනය කළ හැකිද? ආචාර්ය සෙලිග්මාන්ගේ " The Veddas" කෘතිය තුළ සඳහන් කරුණු වලින් ප්‍රකෘති සමාජයකට අයත් යම් යම් ලක්ෂණ වලින් වැදි සමාජය යුක්ත වුවත් එය සියයට සියයක්ම ප්‍රකෘති සමාජයක් යැයි පැවසිය හැකිද?
තවත් පර්යාලෝකයකින් විග්රහ කළ විට ශ්‍රී ලාංකික වැදි සමාජය ප්රකෘතියේ විකෘතියකි. මක් නිසාදත් ප්‍රකෘති මිනිසා පරිසරය සමඟ අන්තර් සන්නිවේදනය කරමින් වෙනස් කර ගත් සමාජ ක්රමයක දක්නට ලැබෙන ලක්ෂණ මෙහි දක්නට ලැබෙන නිසාය. සැබැවින්ම මිනිසාට ප්‍රකෘති සමාජය තුළ ජීවත් වීමට නොහැකි වූයේ ඇයි? එයට හේතුව ඔහු සතු සන්නිවේදනය ද?
- ඉන්දික දිසානායක -
Good job sir. Congratulations.
ReplyDeleteGreat idea sir....
ReplyDelete