දර්ශනය යන්න සිංහල භාෂාවේදී "දැකීම" යන්න අර්ථවත් කිරීමට භාවිතා කරයි.
උදා: හිරු බැසගෙන යන මොහොතේ බටහිර අහස චමත්කාරජනක දර්නශයකි.
ඉහත උදාහරණයෙන් අප අදහස් කරනුයේ ඒ මොහොතේ අපට දක්නට ලැබෙන දෙයක් පිළිබඳවයි. නමුත් දර්ශනය නැමැති විෂය ක්ෂේත්‍රය තුළ අප එය භාවිතා කරනුයේ මෙවන් සරල අර්ථයකින් නොවෙයි.
එනම් බුද්ධිෙයන් දැකීම හෙවත් නැණසින් දැකීම ලෙස නම් කළ හැකිය. බෞද්ධ චින්තාව තුළ යහපත් දැක්ම (සම්මා දිට්ඨී) වශයෙන් අර්ථවත් කරන දෙය හා සමාන වේ. ඒබැවින් සෑම දෙයක් පිළිබදවම විචාරාත්මක බුද්ධිය මෙහෙයවා කරනු ලබන විමසුම නැතහොත් ඒ් ඇසුරෙන් ඇති වන දැකීම දර්ශනය ලෙස හැදින්විය හැකිය. මෙසේ යථාර්ථය දැකීම තුළින් බුද්ධිය හෝ නුවණ ගොඩනගා ගැනිම දර්ශනයේ ප්‍රධාන තේමාව වන බව පෙන්වා දිය හැකිය. ඒ් අනුව දර්ශනය යන්න මනුෂ්‍ය චින්තනය හා බුද්ධිය පිළිබදව විමසන විෂය ක්ෂේත්‍රයයක් ලෙස හදුන්වාදීම යෝග්‍ය වෙයි.
ආචාර්ය රේමන්ඩ් විලියමිස්ට අනුව සන්නිවේදනය වූ කලී දර්ශනයකින් බිහි වි විෂයන් රැසකට විහිදී ගියා වූ ශාස්ත්‍රයක් බවයි. මානව ශිෂ්ටාචාරෙය් මුල් අවධියට අනුව අදහස්, තොරතුරු සහ ආකල්ප පුද්ගලයාගෙන් පුද්ගලයාට ගලා යන ක්‍රියාදාමය වශයෙන් සන්නිවේදනය හඳුන්වවන ලදී. පසු කාලීනව මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් දිගු වී ස්ථානයෙන් ස්ථානයකට ලෙස වාහක ස්වරෑපයක් ගන්නා ලදී.
දර්ශනවාදයට අනුව සන්නිවේදනය "භාෂිත" හෝ "ප්‍රකාශිත" හෝ බිනීම යන අර්ථය ගැන්වෙයි. භාෂිතය යන්න විවිධ ස්වරූප වලින් විග්‍රහ කල හැකිය. එනම් "සෘෂි" භාෂිතය යනු සෘෂිවරයෙකු වශයෙන් පවසන ලද්දක් බවයි. බුද්ධ භාෂිතය යනු බුදුුුුන් විසින් පවසන ලද යන්නයි. පුරාතන මානව සමාජයේ පැවති ඇදහිලි, විශ්වාස හා යාතු කර්ම තුළද පවතිනුයේ් භාෂිතයයි. අතීත සමාජයේ පැවති ඇදහිලි, විශ්වාස හා යාතු කර්ම තුළද පවතිනුයේ භාෂිතයයි. අතීත සමාජයේ භාෂණයේ යෙදුන යතිවරුන් හැදින්වූයේ "භාණක" ලෙසයි.
භාෂණයෙන් පසුව මානව සමාජයේ බිහි වූ අක්ෂර පදනම් කර ගෙන ලේඛනය, චලනය ඇසුරු කොට ගෙන නර්තනය හා රූපණය බිහි විය. ආචාර්ය රේමන්ඩ් විලියමිස්ට අනුව සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රය මානව චින්තනය හා තාක්ෂණය යන විෂය ක්ෂේත්‍ර දෙකක මූලික සම් මිශ්‍රණයකි. ආචාර්ය විලියමිස්ගේ මත හා සංකල්ප බොහෝ දුරට අතීතයේ පැවති සම්භාව්‍ය මත හා සමාන වන බව දිස්වෙයි.
උදාා ÷ චීනයේ ව්‍යාප්ත වූ අක්ෂරය, ග්‍රීසියේ ව්‍යාප්ත වූ කැටයම්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ලෙන් ලිපි හා ශිලා ලිපි තුලනය කිරීමෙන් හදුනාගත හැකිය.
ඉහත උදාහරණයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහ කල විට මානව විද්‍යාව, පුරා විද්‍යාව හා තාක්ෂණය යන විෂයන්ගේ සන්නිවේදනය පෝෂණය වී ඇති බවයි. මෙයින් ගම්‍ය වනුයේ සන්නිවේදන වූ කලි බහු විෂයයික ප්‍රවේශයක් ගන්නා බවයි.
- ඉන්දික දිසානායක -
No comments:
Post a Comment