නුවරකලාවියේ නුවර ගම් පළාතේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ
නුවරකලාවිය යන ව්‍යවහාරික නාමය මෙම ප්‍රදේශයට පටබැදුණේ ප්‍රධාන වැව් තුනක් පදනම් කරගෙන බව ප්‍රදේශයේ ජන මත නායකයන්ගේ විශ්වාසයයි. අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගෙන ඒ ආශ්‍රිතව පිහිටි නුවරවැවත්, ඊට දකුණින් පිහිටි කලා වැවත්, උතුරින් පිහිටි පදවිය වැවත් යන ප්‍රධාන වැව් තුනේ ජලයෙන් පෝෂණය වී කෘෂිකාර්මික පුනර්ජීවනයක් ලැබූ ප්‍රදේශ එක් කොට ගනිමින් නිර්මාණය වූ භූගෝලීය ප්‍රදේශය නුවරකලාවිය ලෙස හැදින්වුණි. නුවර වැවෙන් "නුවර" යන්නද, කලා වැවෙන් "කලා" යන්නද, පදවිය වැවෙන් "විය" යන්නද එක්කොටගෙන නුවරකලාවිය යන වචනය නිර්මාණය කරගෙන තිබේ.
නුවරකලාවිය තුළ ස්ථාපිතව පැවතියා වූ සහ වර්තමානයේ දී ශේෂ වී පවත්නා සාම්ප්‍රදායික කෘෂිකර්මය තුළ කුඹුරට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. කුඹුරක් සාරවත් ලෙස අස්වැද්දීම නුවරකලාවිය ගොවියාගේ සිතෙහි ඇතිවන අහිංසක හීනයකි. නුවරකලාවියේ කුඹුරක් අස්වැද්දීමට යන ගැමි තරුණයන්ගේ උදලු කෙටියෙන් කැපෙන කුඩා පිඩැල්ල "ඉරැල්ලයි" මෙසේ කැපෙන ඉරැල්ලෙන් සරු අස්වැන්නක් සහිත කුඹුරක් සාදා ගැනීම ගැමියන්ගේ ප්‍රාර්ථනයයි.
පුද්ගලයකුයා සහ සමාජ සම්බන්ධතා වල පදනම වන්නේ සන්නිවේදනයයි. එසේම සන්නිවේදනය බිඳ වැටුණහොත් සමස්ත සමාජයම ව්‍යාකූල විය හැකිය. සන්නිවේදනයේ මූලික කාර්යයක් ලෙස සැලකෙන්නේද, ජන සමාජයේ මිනිසුන්ට එකිනෙකා සමඟ සහසම්බන්ධතා ඇති කර ගැනීමට මාර්ගය සකස් කර දීමයි. මානව සමාජයේ පුද්ගලික අවශ්‍යතා මෙන්ම පොදු අවශ්‍යතා ඉටුකර ගැනීමේදී අත්‍යවශ්‍ය මෙවලම වනුයේ සන්නිවේදනයයි. එසේනම් සාරවත් සන්නිවේදනයක් සඳහා වූ ප්‍රවේශයකට "ඉරැල්ල" නිර්මාණාත්මක ලෙස දෘෂ්ටිවාදයක් වේ යැයි මම සිතමි.
-ඉන්දික දිසානායක-